ගම්පහ පූගොඩ පිහිටි ඇඟළුම් ආයතනයක් වන South Asia Textiles Limited ආයතනයේ සේවකයෙක් හට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ආයතනය ආරක්ෂිත පියවරක් වශයෙන් ඔක්තෝම්බර් 08 වැනි දින සිට වසා තැබීමට පියවර ගත් බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බවත් එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, එක් සේවකයෙකුට පමණක් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර රජයේ සෞඛ්‍ය හා අනෙකුත් ආයතනයන්ගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදු කරන බවත් දන්වා සිටියි.

