Advertise with Giraya
NEWS

කටුනායක ගුවන් තොටුපොළේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙක්ට කොරෝනා

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියි.

මෙම ආසාදිත සේවකයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට බාහිර පාර්ශ්වයකින් වෛරසය ආසාදනය වන්නට ඇති බවට ඔවුන් විශ්වාස කරන බව ශ්‍රී ලංකන් ආයතනය සඳහන් කරයි. මේ වන විට එම සේවකයා රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

තවද, ඔහු සමඟ රාජකාරී කළ තවත් සේවකයින් 50් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කර ඇති බවත් එම පරීක්ෂණවල ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන බවත් ශ්‍රී ලංකන් ආයතනය නිවේදනය කරයි.

Giraya News Alerts

සිය ශ්‍රම බලකාය ආරක්ෂා කිරීම සඳහා කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුව සෑම පියවරක්ම ගෙන ඇති බවත් ඒ සඳහා කටයුතු කිරීමටත් එමෙන්ම රජයේ ආයතනයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් දන්වා සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top