මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (12) පස්වරු 7.05 වන විට තවත් පුද්ගලයින් 51 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. අද (12) දිනය තුළ දී බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන 90ක් වේ.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 4842 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1397 දක්වා ඉහළ යනු ඇති. ඒ අනුව,
ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
ඔක්තෝම්බර් 05 – 101
ඔක්තෝම්බර් 06 – 729
ඔක්තෝම්බර් 07 – 196
ඔක්තෝම්බර් 08 - 19
ඔක්තෝම්බර් 09 - 30
ඔක්තෝම්බර් 10 - 103 (පස්වරු 9.00 වන විට කාර්යමණ්ඩලයේ 02යි, ආශ්‍රිතයින් 101යි)
ඔක්තෝම්බර් 11 - 121 (පස්වරු 6.55 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය 39 සහ ආශ්‍රිතයින් 22යි, පස්වරු 9.10 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය 48 සහ ආශ්‍රිතයින් 12යි)
ඔක්තෝම්බර් 12 - 90 ( පස්වරු 1.50 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය 25 සහ ආශ්‍රිතයින් 14යි, පස්වරු 7.05 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය (නිරෝධායන මධ්‍යස්ථානවල සිටින) 12 සහ ආශ්‍රිතයින් 36)
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1512ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3317ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
