ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් ශිෂ්‍යාවකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 10 වන දිනයේ දී කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලබන පානදුර ප්‍රදේශයේ පදිංචි වෛරසය ආසාදනය වූ ශිෂ්‍යාව සමඟ ඇය නවාතැන් ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා නවාතැන් ගත් පෞද්ගලික නවාතැන්පොළ අයත් නිවසේ යුවළට ද පී.සී.ආර්. පරීක්ෂණයන් සිදු කර ඇති මුත් ඒ ප්‍රතිඵලයන්ට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
සම්බන්ධිත පුවත්
