රජයේ මාධ්‍ය ආයතනයක සේවය කරන සේවකයින් 40 දෙනෙකුට අද (12) දින පී.සී.ආර්. පරීක්ෂණයන් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝම්බර් 01වනදා මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ පැවති පෝ දින වැඩසටහනට සහභාගී වූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනාගැනීමත් සමඟ මෙම පිරිසට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, එම රූපවාහිනී නාලිකාවේ ලෝක ළමා දින වැඩසටහන ද පවත්වා ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ බැවින් ඒ සඳහා සහභාගී වූ සේවයින් පිරිසට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, ඊයේ (11) දිනයේ දී පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සේවය කරන සේවකයින් පිරිසකට ද පී.සී.ආර්. පරීක්ෂණයන් සිදු කර ඇති අතර ඒවායේ ප්‍රතිඵල අද (12) දිනයේ ලැබීමට නියමිත බවත් වාර්තා වේ.
