Advertise with Giraya
NEWS

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි බිළිඳාගේ පියා කොවිඩ් ආසාදිතයෙක් නොවෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත වී සිටින බිළිදෙකුගේ පියාට කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා (09) තහවුරු වුවද, අයි.ඩී.එච්. රෝහල මගින් සිදුකළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී එම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇති බව ගොතටුව පරිපාලන මහජන පරීක්ෂක නලීන් ෆෝන්සේකා සඳහන් කරයි.

මෙම පුද්ගලයා විසින් ප්‍රථම වරට පෞද්ගලික රෝහලකින් සිදු කරන ලද පි.සී.ආර්. පරීක්ෂණයේ දී කොවිඩ් – 19 ආසාදිතයෙකු බවට තහවුරු විය. පසුව දරුවාගේ පියා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂණයේදී ද මෙම පුද්ගලයා කෝවිඩ් – 19 ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇති බව ද නලීන් ෆෝන්සේකා සඳහන් කරයි.

නමුත්, අයි.ඩී.එච්. රෝහල විසින් මෙම පුද්ගලයාගේ සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආාදිත වී නොමැති බවට ඊයේ (10) තහවුරු වී ඇති බව නලීන් ෆෝන්සේකා සඳහන් කරයි.

Giraya News Alerts

මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි නිවසේ සිටි පුද්ගලයින් හය දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලින් ඔවුන්ට ද වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.

ඒ අනුව, මෙම පුද්ගලයාට තවත් දින කිහිපයකින් තෙවැනි පි.සීී.ආර් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවත් එහිදී ද ඔහුට වෛරසය ආසාදිත නොවන බවට තහවුරු වුවහොත් ඔහුව රෝහලෙන් මුදා හැරීමට කටයුතු කරන බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා වැඩිදුරටත් සඳහන් කළේ ය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top