කොවිඩ් – 19 ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද ඊයේ (11) දිනයේ වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම වෛද්‍යවරුන් තිදෙනා අතර මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ද වේ. ඔවුන් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ඇතිවූ කොරෝනා රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව ඊයේ (11) දිනයේ ආසාදිතයින් 121 දෙනෙකු වාර්තා විය. දැනට එම පොකුර ආශ්‍රිතව වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1307ක් වේ.
