Advertise with Giraya
NEWS

කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයින් 3ක් වාර්තා වේ

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් නැමැති ඇගලුම් කම්හලේ සේවකයින් දෙදෙනෙකු සහ චීප් වේ නම් ඇගළුම් කර්මාන්තශාලාවේ එක් සේවකයෙකු හට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඒ අනුව, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය 09 වන දිනයේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් තිදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළමුවෙන් වාර්තා වූ අතර ඊයේ (10) දිනයේදී ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා විය.

මේ අතර, ඊයේ(10) දින සවස ආඩිඅම්බලම ප්‍රදේශයේ නේවාසිකව සිටි නෙක්ස්ට් ඇගලුම් කම්හලේ සේවකයෙකු හට ද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් නිරෝධායනයට යොමු කර කර තිබෙනවා.

එමෙන්ම, ඊයේ (10) දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සිටින සේවකයින් 800 කට අධික ප්‍රමාණයක් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කර තිබූ අතර මේ වන විට ඒවායේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවති.

තවද, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ අත් වැසුම් නිපදවන කම්හලක සේවකයින් 500 කගේ පමණ පී.සී.ආර්.පරීක්ෂණ පසුගිය 09 වෙනි දින සිදු කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී නොමැති බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top