Advertise with Giraya
NEWS

අත්තනගල්ල සහ මීරිගම ගම්මාන 3ක් වසා දමයි

අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් පවසයි. එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම පියවර ගත් බව දිසාපතිවරයා සඳහන් කරයි.

මේ අනුව එම ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර ඇති බවත් එම ප්‍රදේශයන්ට පිටත්තර කිසිවෙකුටත් පැමිණීමට නොහැකි වන ලෙසින් මාර්ග බාධක යෙදීමට ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවත් දිසාපතිවරයා සදහන් කරයි.

ඒ අනුව, එම ගම්මාන 3ට අයත් ග්‍රාම නිලධාරී වසම් 7 ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බැවින් එම ප්‍රදේශයන්හි වෙසෙන පවුල් 3688 කට අයත් සාමාජිකයන් 12,600 ක් පමණ වන පිරිසකගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් දිසාපතිවරයා සඳහන් කරයි.

එම ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයින් අතර එලුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිව්නමක් සහ ගිහි පුද්ගලයෙකු ද සිටින බව වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top