ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො මේ මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරනවා.
පසුගිය වසරේ දී කල් දැමුණු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය මේ මාසයේ ඔක්තෝම්බර් 27 වන දින සිදුවනු ඇති බවයි එම පුවත්පතේ සඳහන් වන්නේ. එමෙන්ම, 2015 වසරේ දී ජෝන් කෙරී පැමිණීමෙන් පසුව, ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය නිළධාරියා වන්නේ මයික් පොම්පියෝ ය.
මේ පිළිබඳව, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසා තිබෙන්නේ, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට අපේක්ෂා වන බවයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ මෙම සංචාරයේ දී, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් 450 ක ප්රදානය පිළිබදව ද ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්යක්ෂ යං ජියෙෂි (Yang Jiechi) ප්රමුඛ සත් පුද්ගල දූත පිරිස පෙරේදා (09) ශ්‍රී ලංකාවට පැමිණීම ඇමරිකාවේ හා ඉන්දියාවේ විශේෂ අවධානයට යොමුව තිබුණි.
තානාපති ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙසේ කඩිමුඩියේ පැමිණෙන්නේ, ශ්‍රී ලංකාවේ චීන සම්බන්ධතා තුල ඉන්දු -පැසිපික් කලාපයේ මෙන්ම ඇමරිකාවේ ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් ඇති බව ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දීම සඳහාය.
