වාරියපොළ මඩාටුව ගල්වැව මාර්ගයේ ඉහළවැව ප්රදේශයේ දී ඊයේ (10) සවස යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා. අදාළ යතුරු පැදිකරු මඩාටුව දෙසට ධාවනය කරමින් සිටින අතර ගල්වැව මාර්ගයේ ඉහළ වැව ප්රදේශයේ දී ප්රතිවරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇත.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වාරියපොළ රෝහලට ඇතුළත් කිරිමේ දී මිය ගොස් ඇත. මියගිය පුද්ගලයා කනත්තේවැව ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
