Advertise with Giraya
NEWS

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මල්ලාවි පොලිස් වසමේ පලෛමුරුකණ්ඩිය ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමක දී බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි දෙකක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මල්ලාවි පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව ඊයේ (10) දිනයේ දී මෙම වැටලිම සිදු කර ඇත. අත්අඩංගුවට පත් වූ සැකකරු පලෛමුරුකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මල්ලාවි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර අද (11) දින සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top