මේ වන විට, කොවිඩ් -19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙන රෝගීන්ගේ ආශ්‍රිතයින් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, යම් පුද්ගලයෙකුට වෛරසය ශරීරගත වී ඇත්නම් එය හඳුනා ගැනීම සිදුකළ හැක්කේ දින 02ත් 10ත් අතර කාලයේදී බවයි.
මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් නව ආසාදිතයින්ට අමතරව විදෙස් ගතව පැමිණි දෙදෙනෙක් ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (10) හඳුනාගෙන තිබුණි. ඒ, නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු දෙදෙනෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළේ.
එමෙන්ම, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව තවත් ආසාදිතයින් 103ක් වාර්තා විය. ඒ අනුව, මේ වනවිට මෙරට කොවිඩ් -19 සමස්ත රෝගීන් සංඛ්‍යාව 4628 ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාරතා කරයි. ඉන් රෝගීන් 3306 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 1309 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
