කුවේට්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය ලබන 18 වන දින දක්වා වසා තැබෙන බව එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කුවේට්හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය්ය මණ්ඩල සාමාජිකයන් අතර සහ සුරක්ෂා නිවාසයේ රැකවල් මත සිටින කාන්තාවන් අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම හේතුවෙන් තවදුරටත් වෛරසය පැතිරීම වළක්වාලීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් කුවේට්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව, මෙම කාලය තුළ කුවේටයේ සිටින ලාංකිකයින් ගේ හදිසි සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk යන විද්යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව කුවේටයේ ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
කුවේට්යේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ලාංකික සේවකයින් තිදෙනෙකුට හා එම තානපති කාර්යාලය බාරයේ පවත්වන සුරක්ෂා නිවාසයේ ( සේෆ් හවුස්)රැදී සිටින ලාංකික කතුන් 44 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දා සිට සති දෙකක කාලයක් සඳහා එම කාර්යාලය වසා දමා තිබුණි. එය නැවත අද (11) දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබුණි.
සම්බන්ධිත පුවත්
