කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම ශිෂ්‍යාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර තිබෙනවා.
අදාළ සිසුවිය සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද PCR පරික්ෂණයට භාජනය කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රුපසිංහ සඳහන් කරයි.
මේ අතර, කොරෝනා වෛරස ආසාදිතයෙකු හඳුනාගැනුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් හෙට (12) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පවසයි.
එතෙක් කිසිදු සිසුවෙක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස ඔහු ඉල්ලා සිටියි.
