Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට තවත් 103ක් එකතු වෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව තවත් 103 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 4628දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1186 දක්වා ඉහළ යනු ඇති. ඒ අනුව,

  • ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
  • ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
  • ඔක්තෝම්බර් 05 – ආසාදිතයින් 101
  • ඔක්තෝම්බර් 06 – 729
  • ඔක්තෝම්බර් 07 – 196
  • ඔක්තෝම්බර් 08 - 19
  • ඔක්තෝම්බර් 09 - 30 (පස්වරු 6.45ට වාර්තා වූ ආසාදිතයින් 16 දෙනා අතර කාර්යමණ්ඩලයේ 02යි,ආශ්‍රිතයින් 11යි,තවදුරටත් පරීක්ෂණ පවත්වන වෙනත් ආශ්‍රිතයින් 03යි, පස්වරු 10.00ට වාර්තා කළ 14 දෙනා අතර කාර්යමණ්ඩලයේ 1යි, ආශ්‍රිතයින් 13යි)
  • ඔක්තෝම්බර් 10 - 103 (පස්වරු 9.00 වන විට කාර්යමණ්ඩලයේ 02යි, ආශ්‍රිතයින් 101යි)

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1309ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3306ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top