ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (09) අනාවරණය වී තිබෙනවා.
ඇය පානදුර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් වන අතර අදාළ ශිෂ්‍යාව වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් ශිෂ්‍යාවක් සමඟ සිට ඇති බවට තොරතුරු අනාවරණය වන අතර එම ශිෂ්‍යාවගේ ද PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.
අදාළ ශිෂ්‍යාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ ප්‍රකාශ කළේ සිසුන් 50 දෙනෙකු පමණ මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.
