Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිත සිසුන් 5ක් හෙට ශිෂ්‍යත්වය ලියයි

කොරෝනා ආසාදිත සිසුන් පස්දෙනෙකු හෙට (11) දිනයේ දි අයි.ඩී.එච් රෝහලේ පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණ දීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරයි.

රෝහල් පරිපාලනය විසින් ලබා දුන් එකඟතාවය මත මෙම විශේෂ විභාග මධ්‍යස්ථානය පිහිටුවා අදාළ දරුවන් හට විභාගයට මුහුණ දීම සඳහා අවස්ථාව ලබා දුන් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරාය වැඩිදුරටත් පැවසුවේ.

එසේම, ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින නිරෝධායන මධ්‍යස්ථාන තුළද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් හට ඇඳිරි නිතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 18 ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන වලදී සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ඉඩකඩ ලබාදී තිබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

Giraya News Alerts

එම විශේෂ විභාග මධ්‍යස්ථාන පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top