Advertise with Giraya
NEWS

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. කොරෝනා ආසාදිත බවට තහවුරු වූ දියණිය පසුගිය සිව් වැනි දින එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇ. ඒ හේතුවෙන්, එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද පවසයි.

ඒ වන විට එම දැඩි සත්කාර ඒකකය තුළ සේවය කරමින් සිටි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු පමණ එම දැඩි සත්කාර ඒකකය තුළම ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් ඔවුන් අද (10) පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරන බවත් රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top