Advertise with Giraya
NEWS

මාරවිල පදිංචි ධීවරයෙක්ටත් කොරෝනා

ඔක්තෝම්බර මස 08 වැනි දා දික්ඕවිට වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙක්ට කොවිඩ් – 19 වෛරසය වැළඳී තිබෙන බව තහවුරු වී ඇත. ඒ හේතුවෙන්, දික්ඕවිට ධීවර වරාය අද (10) සිට තාවකාලිව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම ආසාදිතයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක් වන අතර මුහුදේ සිටිය දී ඇති වූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු නැවත පැමිණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

ඔහුත් සමඟ අදාළ ධීවර යාත්‍රාවේ තවත් ධීවරයින‍් පස් දෙනෙකු ගොස් ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top