මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව තවත් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 4523දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1083 දක්වා ඉහළ යනු ඇති. ඒ අනුව,
ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
ඔක්තෝම්බර් 05 – ආසාදිතයින් 101 (පෙරවරුවේ වාර්තා වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 69, මොනරාගල මැදගම 01, යාපනය වේලනෙයි 01, කුරුණෑගල කටුපොත 02, පස්වරු 08ට නිවේනදනය කළ මිනුවන්ගොඩ 05, පස්වරු 9ට වාර්තා කළ 10 දෙනා අතර මිනුවන්ගොඩ 06, කටාන 02, සීදූව 01, දිවුලපිටිය 01, පස්වරු 9.30ට වාර්තා කළ 13 දෙනා අතර මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජාඇළ 01, දිවුලපිටිය 01, මහර 01)
ඔක්තෝම්බර් 06 – 729 (පෙරවරු 9.00ට වාර්තා වූ 220, පස්වරු 1.00ට වාර්තා කළ 246, පස්වරු 6.00ට වාර්තා කළ 139, පස්වරු 9.40ට වාර්තා කළ 124 )
ඔක්තෝම්බර් 07 – 196(පස්වරු 1.40 වන විට වාර්තා වූ 190, පස්වරු 6ට වාර්තා වූ ආසාදිතයින් 6 දෙනා අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 4යි, වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ එක් සේවකයෙක්, කටුනායක ගුවන්තොටුපොළේ සේවකයෙක්)
ඔක්තෝම්බර් 08 - 19 (පස්වරු 6.40ට වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 10, පස්වරු 10ට වාර්තා වූ මිනුවන්ගොඩ ඇඟළුම්හලේ සේවකයෙක් හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 8)
ඔක්තෝම්බර් 09 - 30 (පස්වරු 6.45ට වාර්තා වූ ආසාදිතයින් 16 දෙනා අතර කාර්යමණ්ඩලයේ 02යි,ආශ්‍රිතයින් 11යි,තවදුරටත් පරීක්ෂණ පවත්වන වෙනත් ආශ්‍රිතයින් 03යි, පස්වරු 10.00ට වාර්තා කළ 14 දෙනා අතර කාර්යමණ්ඩලයේ 1යි, ආශ්‍රිතයින් 13යි)
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1214ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3296ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
