ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (09) දින පස්වරු 6.00 වන විට 4504ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, අද (09) දිනය තුළ දී මෙතෙක් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊයේ (08) දිනයේ දී නව ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා විය. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1195කි.
අද දින වාර්තා වූ රෝගීන්ගෙන්,
- බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් 16ක් ද,
- ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 11ක් ද,
- බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලයේ සේවකයින් 02ක් ද,
- වෙනත් ආශ්‍රිතයින් 03ක් ද වේ.
එසේම, අද (09) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3296 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව, ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

ඒ අනුව, අද (06) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 4488 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 82
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1440
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 651
- බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර – 1052
- වෙනත් – 313
ඒ අනුව, පෙරවරු 10.00 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 73.4%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 26.2%ක් දක්වා අඩු වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.29%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 313,813ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 5608ක් වූ ප්‍රමාණය ඔක්තෝම්බර් 07 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (08) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 4824ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (09) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 1179 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 115ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 113ක් ද,
- ඉරණවිල රෝහලේ 44ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 50ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 18ක් ද,
- හම්බන්තොට රෝහලේ 156ක් ද,
- රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ 77ක්ද,
- කඹුරුගමුව රෝහලේ 211ක් ද,
- කාත්තන්කුඩි රෝහලේ 80ක් ද,
- නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 158ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 68ක් ද,
- හෝමාගම මූලික රෝහලේ 38ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් ආසාදිතයින් 51 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම, පුද්ගලයින් 350ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13 කි. අවසන් වරට කොරෝනා මරණයක් වාර්තා වූයේ කොරෝනා මරණයක් වාර්තා වී දින 21ට පසු සැප්තැම්බර් 14 වන දිනයේ දී ය.
