කටුනායක ආයෝජන කලාපයේ පිහිටි NEXT ඇඟළුම්හලේ සේවය කරන 36 හැවිරිදි දෙදරු මවකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අදාළ ආසාදිත කාන්තාව සීදුව, රාජපක්ෂ ගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත. ඒ අනුව මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවක සේවිකාවන් හට PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
ඇයගේ පවුලේ සාමාජිකයින් ද මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් ද පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.
