මොණරාගල, දඹගල්ල ප්රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි කාන්තාවක් ඊයේ (08) රාත්රියේ දි දැඩි ලෙස රෝගාතුර වීමෙන් මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
ජිවිතක්ෂයට පත් වූ කාන්තාවගේ දියණිය පසුගිය ඔක්තෝම්බර් 04 දින ගමන් කළ බස් රථයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් ගමන් කිරීම හේතුවෙන් දියණිය සහ නිවැසියන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මියගිය කාන්තාව 70 හැවිරිදි වියේ පසුවන අතර ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇත. එම පරීක්ෂණ ප්රතිඵල මෙතෙක් ලැබී නොමැති අතර ප්රතිඵල ලැබෙනතුරු දේහය රෝහලේ තබා ගැනීමට පියවරගෙන ඇති බවත් වාර්තා වේ.
