ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයා ගම්පහ රෝහලේ ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු ලෙස සේවය කරයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මිනුවන්ගොඩ ඇඟලුම්හලේ සේවය කරන ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව, මෙම පුද්ගලයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ ඔහු ඇසුරු කළ සෞඛ්‍ය කාර්ය සහායකයින් 7දෙනෙකු නිරෝධානය කිරීමටත් එම ඒකකයේ සේවයෙහි නිරත වෛද්‍යවරුන් 30 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 70 දෙනෙකු පමණ දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
මීට පෙර ද මෙම රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වීම මත එම ඒකකයේ 17 දෙනෙකු නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර කාර්ය මණ්ඩලයේ පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි එම වෛද්‍යවරයා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවිකාවන් පිරිසකට පෞද්ගලිකව ප්‍රතිකාර ලබා දී ඇති අතර එම සේවිකාවක් කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.
