Advertise with Giraya
NEWS

කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ අයෙක්ට කොරෝනා

හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා පසුගිය මස 23 වෙනිදා කොළඹ බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශනයට පැමිණ ඇති ඔහු එදින කොළඹ බස් නැවතුම් පොළේ ගැවසී තිබෙනවා. එමෙන්ම, ඔහු සැප්තැම්බර් මස 30 වෙනිදා නුවරඑළිය ප්‍රදේශයට ද ගොස් ඇත.

ඇතිවූ අසනීප තත්ත්වය මත පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇති මෙම කොවිඩ් ආසාදිත රෝගියාගේ PCR පරික්ෂණයන් පසුගිය 06 වෙනිදා සිදුකොට ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Giraya News Alerts

-NewsWire.lk-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top