කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි මාස 10ක බිළිඳියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කරයි.
මෙම ළදරුවා වෙනත් රෝගයක් හේතුවෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට බොරැල්ල රිජ්වේ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී පීසීආර් පරීක්ෂණයකට භාජනය කර ඇත. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අදාළ බිළිඳියට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ මෙම බිළිඳා අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවා.
මේ අතර, එම රෝහලට ඇතුළත් කළ තවත් දරුවකුගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි. කෙසේ නමුත්, එම මවට හා දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.
බිළිඳා ප්‍රතිකාර ගනිමින් සිටි රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලයේ පිරිස ද පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
