Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ 250ක් ආගිය අතක් නෑ

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ පුද්ගලයන් දෙසිය පනහකට ආසන්න පිරිසක් මේ දක්වා ආගිය අතක් නොමැති බව ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

මෙම පිරිසේ පුද්ගලයන් ආයතනයට ලබා දුන් ලිපිනයන් බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශය සතුව තිබුණ ද අදාළ ලිපිනයන්හි එකී පුද්ගලයන් නොමැති බව ආරක්‍ෂක අංශ සිදු කළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මේ හේතුවෙන්, අදාළ පුද්ගලයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට ද යුද හමුදාව ඊයේ (08) කටයුතු කරනු ලැබුවා.

Giraya News Alerts

ඒ අනුව, මෙතෙක් ඉදිරිපත් නොවූ බ‍්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සිටී නම් 011 3456548 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙස යුද හමුදාව අදාළ පිරිස් වෙත දැනුම් දී සිටියි.මේ වන විට එසේ ආගිය අතක් නොමැතිව සිටින බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සහ ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සොයා ආරක්‍ෂක බුද්ධි අංශ විසින් විශේෂ මෙහෙයුමක් ද අරඹා තිබෙනවා.

මෙසේ තොරතුරු සඟවා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව අද (09) සිට නිරෝධායන නීතිය යටතේ දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊයේ (08) පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top