හොරණ කඳන් හේන පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිත නිලධාරීවරයාගේ අවුරුදු දෙකක් වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙළියකට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන එම නිලධාරිවරයා නිවසට පැමිණීමෙන් අනතුරුව 3 වෙනි දින ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊට දින තුනකට පසු, එනම් ඔක්තෝම්බර් 06 වැනි දින ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
අනතුරුව ඔහුගේ සමීපතමයින්ට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයන්ට අනුව, ඔහුගේ දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙළියකට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ සඳහන් කරයි.
බිරිඳගේ යෙහෙළිය ද හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවේ හෙදියක් බවද ඇය යාල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ සඳහන් කරයි.
ඒ අනුව, ඔක්තෝම්බර් 6 වැනි දින සිට හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා.
මේ වන විට සමීප ආශ්‍රිතයින්ට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වසංගත රෝගීන් සිව්දෙනෙකු හා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයන් එක් රෝගියෙක්ද වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පවසයි.
