Advertise with Giraya
NEWS

හලාවත තරුණයෙක්ට කොරෝනා වැළඳෙයි

හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙනවා. මෙම තරුණයා පසුගිය ඔක්තෝම්බර් 06 වැනි දින වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට හලාවත රෝහලට පැමිණ තිබෙනවා. එහිදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල අනුව අද (08) දින ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

ඒ අනුව, නිවසේ රැඳී සිටි එම තරුණයා වහාම ගිලන් රථයකින් ඉරණවිල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝගි තරුණයා හලාවත අඹකදවිල ප්‍රදේශයේ දේවස්ථානයක සමීපතයෙකු ලෙසට හදුනා ගෙන ඇති අතර එම දේවාස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පවුල් 05 ක පිරිස් මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

Giraya News Alerts

ආසාදිතයා පසුගිය සතියේ විනෝද චාරිකාවක් ගොස් ඇති බවත් එම චාරිකාවට එක්ව ඇති පිරිස සම්බන්ධයෙන් ද සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top