ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන ICBT කැම්පස් හි සිසුවෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එම සිසුවා අදාළ ආයතනය වෙත ඔක්තෝම්බර් 04 වැනි දින පැමිණ ඇති බව ද එම නිවේදනයේ සඳහන්. එදින හෝ ඊට පසුව එම ආයතනය වෙත පැමිණි පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස් මාලාවන් අනුව කටයුතු කරන ලෙස එම ආයතනය ඉල්ලීමක් සිදුකරයි.
එමෙන්ම, එම සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද ඔහුගේ පන්තියේ සිටින අනෙක් ළමුන් මේ වන විට හඳුනාගෙන ඔවුන් දැනුවත් කිරීමට ද කටයුතු සිදු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

