Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනයමින් සිටි කාන්තාව ජීවිතක්ෂයට පත් වූ හේතුව හෙළිවේ

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි කාන්තාවක් ඊයේ (07) දිනයේ දී ජීවිතක්ෂයට පත් විය.

එලෙස මිය ගියේ ගම්පහ උඩුපිටිය, වරාපලාන අංක 81 නිවසේ පදිංචි ඒ.එම් අරුණ කාන්ති නම් 64 හැවිරිදි කාන්තාවක්. සිව්දරු මවක් වන ඇයගේ දියණියක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

මේ සම්බන්ධයෙන්, විමසූ විට කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, “ආසාදිත සේවකයෙකුගේ පවුල්වල අය නිරෝධායනය සඳහා ගෙනයමින් සිටියදී කාන්තාවක් හදිසියේ රෝගී තත්ත්වයට පත් වුණා. විශේෂයෙන්ම කන්දකාඩු ප්‍රදේශයට ආසන්නයේදී. හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් මැය වෙත සිදුකළ යුතු සියලුම වෛදය ප්‍රථිකාර සිදුකළා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම කාන්තාව හෘදයාබාදයකින් මිය ගිය බව අවසන් වශයෙන් අපට තහවුරු වුණා,” යනුවෙනි.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top