Advertise with Giraya
POLITICS

පාර්ලිමේන්තුවේ බෙදා තිබූ ‘ ගංජාවල ආනන්දය’

පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) ආරම්භයේ දීම ගංජා සම්බන්ධයෙන් ලියැවුනු පොතක් පාර්ලිමේන්තුවේ නිලධාරීන් අතර බෙදා හැරීම පිළිබඳව ගැටළුවක් පැන නැගණි.

පාර්ලිමේන්තු සභාවේ කටයුතු ආරම්භ වනවාත් සමඟම නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුව තුළ බෙදාහැර ඇති එම පොත සම්බන්ධයෙන් ගැටලුවක් ඉදිරිපත් ක‍ළේය. ඒ, එය ගංජා සම්බන්ධ පොතක් පෙන්වමින් එය පාර්ලිමේන්තු නිලධාරීන් හට බෙදා ඇති බව කියමිනි.

“මම ඊයේ මේ සභාවේ ගංජා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. අද පොතක් බෙදලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට නෙමේ. පාර්ලිමේන්තුව ඇතුළේ නිලධාරීන්ට. මේ පොත ත්‍රෛලෝකපත්‍ර කියලා තියෙනවා. මේකේ ඇතුලේ නෝට් එකක් දාලා තියෙනවා ආනන්දය ලබන්න කියලා, මේ කියන්නේ පාර්ලිමේන්තු නිලධාරීන්ට ගංජා ගහන්න කියලද? මේක ඇතුළට ආවේ කොහොමද? සීසීටීවී බලලා මේක හොයන්න”

Giraya News Alerts

කථානායක මහින්ද යාපා අබේවර්ධන එම අවස්ථාවේ දී කියා සිටියේ මේ පිළිබඳ සොයා බලන බවයි.

සිය නම සඳහන් කළ බැවින් සභාවේ නැගී සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියා සිටියේ මෙය තම පොතක් නොවන බවත් පොත පත ලියන අප වැනි අය සිටියත් කිසිදු පොතක් තමා විසින් පාර්ලිමේන්තුවේ බෙදා නැති බවත්ය.

මහලේකම්වරයාගෙන් හා වේත්‍රධාරීගෙන් මේ පිළිබඳ සොයා බලන මෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.

ඊයේ දිනයේ දී ද බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් ගංජා නීතිගත කිරීම පිළිබඳවත්, ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව තම මත පළ කිරීමත් පිළිබඳව අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළා. ශ්‍රී ලාංකීය ජනතාව දුම්වැටිවලින් ඈත්වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් දුම්කොළ සමාගම් විසින් කංසා පිළිබඳව යහපත් ආකල්පයක් ජනතාව අතරට ගෙන ඒමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවත් එය පරාජය කිරීම සඳහා රජය කිසියම් ක්‍රියාමාර්ග ගෙන තිබේද? යන්න පිළිබඳවත් ප්‍රශ්න කර සිටියා

ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අගමැති මහින්ද රාජපකෂ පැවසුවේ, විවිධ විද්වත් පාර්ශ්වයන් හා ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් කංසා පිළිබඳව ධනාත්මක ආකල්පයක් සමාජගත කිරීම අන්තර්ජාලය ඔස්සේ දැකිය හැකි වුවත්, කිසිදු ආයතනයකට කංසා භාවිතය නීතිගත කිරීමට අවස්ථාවක් ලබා දී නොමැති බවයි.

එමෙන්ම, විවිධ පුද්ගලයින් හා ආයතන විසින් වෛද්‍යමය කාර්යයන් සඳහා කංසා වගා කිරීම හා ආනයනය කිරීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවත් පැවසුවා. කෙසේ වෙතත්, සමාජමාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කංසා ප්‍රවර්ධනය කරන පාර්ශ්වයන් වෙත නීතිමය පියවර ගන්නා බවත් අගමැතිවරයා පැවසුවා.

ඒ පිළිබඳ වීඩියෝව පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top