Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කාසල් රෝහලේ ගැබිණි මවකට කොරෝනා

කොළඹ, කාසල් වීදිය කාන්තා රෝහලේ සිටි ගැබිණි මවකට ද කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ගම්පහ මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ සඳහන් කරයි. අදාළ කාන්තාව මේ වන විට මුල්ලේරියාව රෝහල වෙත මාරු කර හැරීමට කටයුතු කළ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතර, ඊයේ (07) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 207 දෙනෙකු වාර්තා වී ඇත. ඔවුන්ගෙන් 202 දෙනෙකු ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අයත් පුද්ගලයින් වේ. අනෙක් පස්දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වේ.

Giraya News Alerts

ඒ අනුව, ඊයේ වාර්තා වූ ආසාදිතයින් 207 දෙනාගෙන්,

  • පස්වරු 1.40 වන විට වාර්තා වූ 190 දෙනා
  • පස්වරු 6ට වාර්තා වූ ආසාදිතයින් 6 දෙනා (මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 4යි, වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ එක් සේවකයෙක්, කටුනායක ගුවන්තොටුපොළේ සේවකයෙක්)
  • පස්වරු 8.40ට වාර්තා වූ විදෙස්ගතව සිට පැමිණි 5 දෙනා (රුසියාවේ සිට පැමිණි 3යි ,ඉන්දියානු ජාතික නාවික 2යි)

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1172ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එයින් 1034ක්ම බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් ආසාදිතයින් වේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 4459ක් වේ. එම වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3274 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top