Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා දිවුලපිටියේ කාන්තාව නොවෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමුවෙන්ම හඳුනාගත් දිවුලපිටියේ කාන්තාව එම කොවිඩ් ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

එමෙන්ම, කර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බව හෙළිවූ බව ද වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.

“කොරෝනා ආසාදිත කාන්තාව ගම්පහ රෝහට ඇතුළත්ව ඇත්තේ 30 දා. නමුත් අප කර්මාන්ත ශාලාවෙන් ලබාගත් තොරතුරු අනුව සැප්තැම්බර් 20 දා සිට එහි සාමාජිකයන්ට නොයෙක් ස්වශන රෝග තිබී තිබෙනවා. එම තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් ඉහළගොස් තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණා. කර්මාන්ත ශාලාවට විදේශිකයන් පැමිණ ඇති බවට තහවුරුවක් මෙතෙක් ලැබී නැහැ.

පළමුවෙන්ම හඳුනාගත් කාන්තාව නෙමෙයි මෙතන රෝගී පොකුරේ පළමු රෝගියා වන්නේ. අපි හිතනවා මීට කලින් රෝගීන් එතන හිටියා කියලා. තවමත් එතන තොරතුරු ලබාගනිමින් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද මෙම රෝගය ආවේ කියලා හොයා ගන්න. සමහරවිට රෝගය ආවේ කොහෙන්ද කියලා තීරණය කර ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්” යැයි වෛද්‍යවරයා එහිදී සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top