Advertise with Giraya
NEWS

වෛරසයේ ස්වාභාවය වෙනස් වී ඇත්දැයි සැකයක්

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරෙන් හමුවන රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම ඉහළ මට්ටමක පවතින්නේ යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් දැනගන්නට ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එබැවින් වෛරසයේ ස්වභාවය කිසියම් වෙනසකට ලක් වී ඇති බවට සැකයක් ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව, එක් පුද්ගලයෙක්ගෙන් තව කිහිපදෙනෙක්ට වැළඳීමේ සම්භාවිතාව වැඩි වී ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

” මම ඊයෙ වෛද්‍ය පර්යේෂණ ආයතනයට කතා කළා. එතෙන්දි හෙළිදරව් වෙච්ච කාරණය තමයි මේ කාන්තාවගේ වගේම මේ දැන් අපි අලුතින් හොයාගන්න රෝගීන්ගෙ – දැන් අටසිය ගාණක් හොයාගෙන තියෙනවා ඒ සියලු දෙනාගෙම – වෛරල් ලෝඩ් එක, එහෙම නැත්නම් ඇඟේ තිබෙන වෛරස් සාන්ද්‍රණය ඉතාම අධික මට්ටමක තියෙනවා. ඒ නිසා අපි සැක කරනවා මෙච්චර දවසක් ලංකාවෙ තිබිච්ච මේ වෛරසයේ යම් වෙනසක් සිද්ධ වෙලාද මෙච්චර විශාල වෛරස් ප්‍රමාණයක් ඇඟ ඇතුළෙ තියෙන්න කියලා.

එතකොට මේ හරහා එන අවදානම තමයි මේ හරහා එක් පුද්ගලයෙක්ගෙන් තව කිහිපදෙනෙක්ට රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ ගොඩක් ප්‍රමාණයකින් වැඩිවෙලා තියෙනවා. ඉතිං ඒක අපි හරියට කළමනාකරණය කරගන්න ඕනෙ”

යනුවෙන් ඔහු සඳහන් කළේ, අද (07) පෙරවරුවේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top