ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් – 19 සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (06) පස්වරු 09.40 වන විට 4252ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
දිනය තුළ දී මෙතෙක් ආසාදිතයින් 739 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 3266 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 973ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ද (06) දිනයේ දී පස්වරු 09.40 වන විට වාර්තා වී ඇති රෝගීන් 739 දෙනා,
- දිවුලපිටියේ කොරෝනා පොකුරෙන් – 729
- විදේශයන්හි සිට පැමිණි – 10
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 04
- කටාර් – 01
- කුවේට් – 01
- ජපන් – 01
- ඉන්දියානු ජාතික නාවිකයින් – 03
දැනට බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 832කි.
