Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සක්‍රීය ආසාදිතයින් ගණන 700ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (06) දින පස්වරු 1.30 වන විට 3979ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එමෙන්ම, අද (02) දිනය තුළ දී මෙතෙක් ආසාදිතයින් 466 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊයේ (05) දිනයේ දී නව ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා විය. ඔවුන්ගෙන්,

  • බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිවාඩු ගොස් සිටින – 04ක්,
    • කුරණෑගල කටුපොත – 02
    • මොණරාගල මැදගම – 01
    • යාපනය වේලනෙයි – 01
  • තවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් – 28ක්,
  • ගම්පහ දිවුලපිටියෙන් හඳුනාගත් ආසාදිතයාගේ ආශ්‍රිතයින් 69ක්, (බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්)
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි – 05ක්,
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නාවිකයෙක්,
  • කටාර් සිට පැමිණි අයෙක්,
  • රතු මුහුදු ප්‍රදේශයෙන් පැමිණි මුහුදු ආරක්ෂකයෙක් ද වේ.

එසේම, අද (06) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින්‍ 7 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3266 දෙනෙකු සුවය ලබා ඇත.

Giraya News Alerts

ඒ අනුව, ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

ඒ අනුව, අද (06) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3733 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 75
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1422
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 651
  • බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර – 322
  • වෙනත් – 313

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3979ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 82%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 17.5%ක් දක්වා අඩු වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.33%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 298,501ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (05) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 1890ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (06) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 454 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 49ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 61ක් ද,
  • ඉරණවිල රෝහලේ 32ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 49ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 07ක් ද,
  • හම්බන්තොට රෝහලේ 24ක් ද, වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • තවත් ආසාදිතයින් 232 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 140ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13 කි. අවසන් වරට කොරෝනා මරණයක් වාර්තා වූයේ, දින 21ට පසු සැප්තැම්බර් 14 වන දිනයේ දී ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top