Advertise with Giraya
NEWS

ඇඟළුම් කම්හලේ තවත් 246කට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තවත් සේවකයින් 246 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 3979 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද (06) දින පස්වරු 1.00 වන විට නව ආසාදිතයින් 466 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 569 දක්වා ඉහළ යනු ඇති. ඒ අනුව,

  • ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
  • ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
  • ඔක්තෝම්බර් 05 – ආසාදිතයින් 101 (පෙරවරුවේ වාර්තා වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 69, මොනරාගල මැදගම 01, යාපනය වේලනෙයි 01, කුරුණෑගල කටුපොත 02, පස්වරු 08ට නිවේනදනය කළ මිනුවන්ගොඩ 05, පස්වරු 9ට වාර්තා කළ 10 දෙනා අතර මිනුවන්ගොඩ 06, කටාන 02, සීදූව 01, දිවුලපිටිය 01, පස්වරු 9.30ට වාර්තා කළ 13 දෙනා අතර මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජාඇළ 01, දිවුලපිටිය 01, මහර 01)
  • ඔක්තෝම්බර් 06 – 466 (පෙරවරු 9.00ට වාර්තා වූ 220, පස්වරු 1.00ට වාර්තා කළ 246)

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 707ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3266ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top