මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තවත් සේවකයින් 220කට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඒ, ඊයේ (05) දිනයේ දී සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි. එම ආසාදිතයින් ගණනත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3733 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, දැනට බ්‍රැන්ඩික්ස් ඇඟළුම්හලේ කොරෝනා පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව,
- ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
- ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
- ඔක්තෝම්බර් 05 – ආසාදිතයින් 101 (පෙරවරුවේ වාර්තා වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 69, මොනරාගල මැදගම 01, යාපනය වේලනෙයි 01, කුරුණෑගල කටුපොත 02, පස්වරු 08ට නිවේනදනය කළ මිනුවන්ගොඩ 05, පස්වරු 9ට වාර්තා කළ 10 දෙනා අතර මිනුවන්ගොඩ 06, කටාන 02, සීදූව 01, දිවුලපිටිය 01, පස්වරු 9.30ට වාර්තා කළ 13 දෙනා අතර මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජාඇළ 01, දිවුලපිටිය 01, මහර 01)
- ඔක්තෝම්බර් 06 – 220
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 461ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3259ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
