ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් – 19 සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (05) පස්වරු 10.45 වන විට 3520ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
දිනය තුළ දී මෙතෙක් ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වී ඇති අතර එක් ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 3259 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 248ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (05) දිනයේ දී පස්වරු 10.45 වන විට වාර්තා වී ඇති රෝගීන් 111 දෙනා,
- බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිවාඩු ගොස් සිටින – 04
- කුරණෑගල කටුපොත – 02
- මොණරාගල මැදගම – 01
- යාපනය වේලනෙයි – 01
- තවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් – 28
- ගම්පහ දිවුලපිටියෙන් හඳුනාගත් ආසාදිතයාගේ ආශ්‍රිතයින් 69ක් (බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්)
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි – 05
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නාවිකයෙක්
- කටාර් සිට පැමිණි අයෙක්
- රතු මුහුදු ප්‍රදේශයෙන් පැමිණි මුහුදු ආරක්ෂකයෙක්
දැනට බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 103කි.
