මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කළ යාපනයේ පදිංචි තවත් ඇඟළුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු පසුගිය සතියේදී යාපනයේ පිහිටි සිය නිවෙස් වෙත පැමිණ ඇති අතර වාර්තා වූ කොවිඩ් -19 තත්ත්වය සමඟ ඔවුන් දෙදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.
එම සේවිකාවන් දෙදෙනාගේ PCR පරීක්ෂණවල ප්‍රථිපල අනුව එක් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
