දිවුලපිටියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇඟළුම් කම්හලේ තවත් සේවිකාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල රෝහලේ සිට කොළඹ IDH රෝහල වෙත මාරු කර යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
මේ අතර, මොණරාගල ප්‍රදේශයේ පදිංචි දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගත් කාන්තාවට ද කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක සඳහන් කරයි.
මැදගම බකින්ගහවෙල, පුබ්බාර දේවාලගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම කාන්තාව, දිවුලපිටිය ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ සේවය කර තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
ඉකුත් 02 දා නිවාඩු ලබා මොණරාගල නගරයට පැමිණ ඇති මෙම කාන්තාව එදින උදෑසන 8.00 සිට 10.15 පමණ තෙක් මොණරාගල කචිචේරිය හංදිය, ඉරිදා පොළ, බස් නැවතුම්පොළ හා රාජ්‍ය බැංකුවක ගැවසී ඇතිබව ද විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මෙම කාන්තාව උගුරේ අමාරුව, කැස්ස හා හිසරදය වැනි කොරෝනා වෛරසය ආසාදනය වීමේ ලක්ෂණ මතුවීමෙන් පසු ප්‍රතිකාර ලබාගැනෙීමට මොණරාගල මහ රෝහලට ඇතුළත් වී ඇත.
සම්බන්ධිත පුවත්
