Advertise with Giraya
NEWS

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දිනයන්හි වෙනසක් සිදු නොවේ

රට තුළ පවත්නා තත්වය හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, 05 ශ්‍රේණි‍යේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11දින පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වන දා දක්වා පැවැත්වේ.

එහෙත්, විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව ද රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top