Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිත දිවුලපිටියේ කාන්තාව සමඟ සේවය කළ කාන්තාවක් මොණරාගලින් හමුවෙයි

දිවුලපිටියේ කොරෝනා ආසාදිත වූ ඇඟළුම් කම්හලේ සේවිකාවගේ ආශ්‍රිතයෙකු ලෙස සැලකෙන එම ඇඟළුම් කම්හලේම සේවය කරන තවත් කාන්තාවක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියි.

මෑත දිනෙක නිවාඩු ලබා පැමිණි එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල නගරයේ ස්ථාන කිහිපයකට ගොස් ඇති බව ද වාර්තා වේ. සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන අන්දමට ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිවී ඇත.

මෙම සේවිකාවගේ PCR පරීක්ෂණ සඳහා වන ජෛව සාම්පල් පටල ලබා ගෙන තිබෙන බවත් එහි ප්‍රථිපල අද (05) සවස වන විට ලැබීමට නියමිත බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

Giraya News Alerts

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට දැනුවත් කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය නිලධාරීන් පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top