දිවුලපිටියේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කම්හලේ සේවය කළ 69 දෙනෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 150කගේ ඊයේ (04) දිනයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව මේ බව තහවුරු වී තිබෙනවා.
එමෙන්ම මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටින තවත් සේවක සේවිකාවන් 1400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද (05) සහ හෙට (06) දිනයේදී සිදුකිරීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පවසයි.
සම්බන්ධිත පුවත්
‘ඉදිරි පැය 72 තීරණාත්මකයි’ – යුද හමුදාපති
