Advertise with Giraya
NEWS

‘ඉදිරි පැය 72 තීරණාත්මකයි’ – යුද හමුදාපති

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1400කට වැඩි පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ අද (05) සිදුකිරීමට නියමිතව ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. අදාළ කාන්තාවගේ සැමියාගේ සහ පුතුන් දෙදෙනාගේ තවත් පී.සී.ආර් පරික්ෂණයක් ද අද සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම,වෛරසය ආසාදනය වූ සේවිකාවට එම වෛරසය ආසාදනය වූ නියැදිය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් ලබා ගැනීමට අද දිනයේදී ලැබෙන PCR වාර්තා උපකාරී වනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.

එම ආසාදිත කාන්තාවගෙන් ලද තොරතුරු අනුව අදාළ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි තවත් පිරිසකට දින කිහිපයකට පෙර සිට කැස්ස ඇතුළු රෝග ලක්ෂණ තිබු බවට ප්‍රකාශ කර ඇති බව යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කරයි.

Giraya News Alerts

ඒ අනුව, පෙරේදා දිනයේදී හඳුනා ගත් නව කොරෝනා වෛරසය ආසාදිත සේවිකාවගේ සමීප ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ (04) දිනයේදී සිදුකර ඇති බවත් එම ප්‍රථිපල අද (05) උදෑසන ලැබීමට නියමිතව ඇති බවයි හමුදාපතිවරයා සඳහන් කරයි. එමෙන්ම මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටින තවත් සේවක සේවිකාවන් 1400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද (05) සහ හෙට (06) දිනයේදී සිදුකිරීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පවසයි.

මේ අතර, මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයවළුන් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින් පැමිණි ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව දැනට සිදුකරනු ලබන PCR පරීක්ෂණ සිදුකොට ඔවුන්ට කොරෝනා වසංගතය ආසාදනයවී ඇත්ද යන්න සැක හැර දැන ගැනීමට අවශ්‍ය බැවින් ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන්, මහජනතාව සමාජයට අනවශ්‍ය ලෙස පැමිණීමෙන් වළකින ලෙසත්, රැකියා සඳහා හෝ ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යාමේදී මුඛ ආවරණ පැළදීම සහ මීටරයක දුර පවත්වාගෙන යාම හා නිසි සෞඛ්‍ය ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා මහජනතාව වෙත දැනුම් දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top