Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියගේ පන්තියේ ළමුන් 31ක් හඳුනා ගනියි

දිවුලපිටියේ කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද ඊයේ (04) දිනයේ දී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනිණි.

ඒ අනුව, ඇය ඉගෙනුම ලබන පන්තියේ සිසු සිසුවියන් 31ක් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සිසුවිය දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබා ඇති අතර ඇය පසුගිය මාසය පුරාම නොකඩවා පාසල් පැමිණ ඇති බවද බව ද විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කරයි. එම සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් ද ගුරුවරු පිරිසක් නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔවුනගේ නාමලේඛන විදුහල්පතිවරයාගෙන් ලබා ගැනීමට සවසම කටයුතු කරනු ලැබ ඇත.

Giraya News Alerts

කාන්තාවට කොරෝනා ආසාදිත වී ඇත්තේ ඇගලුම් ඇගළුම් ආයතනයේ දී බවට සැකයක් පවතින බව පොලිස් බුද්ධි අංශ සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top