Advertise with Giraya
NEWS

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා බව තහවුරු වෙයි

දිවුලපිටියේ පදිංචි 39 හැවිරිදි කොරෝනා ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ අද (04) දින හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ දී මේ බව තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, ඇයව හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සිදු කරමින් තිබෙන බව ද වාර්තා වේ.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ඉල්ලා සිටින්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වන ලෙසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top