Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිවුලපිටියේ 430ක් නිරෝධායනයට

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 430ක් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එම පිරිසෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 250කට වැඩි පිරිසකුත්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 180කට වැඩි පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරයි.

එමෙන්ම, හෙට(05) දිනයේදී අදාළ කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1600කට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

Giraya News Alerts

කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 75 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකොට ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top